Monday, May 29, 2023

රාවණා ඇල්ල

 


          
කුඹල්වෙල සිට ඇල්ල වැල්ලවාය මාර්ගයේ 20km පමණ ගමන් කිරීමෙන් පසු ප්‍රධාන මාර්ගය අසල මෙම රාවණා දිය ඇල්ල හමුවේ. අතීත පුරාවෘත්තයන් සමග බැඳී පවතින දිය ඇල්ලක් වන මෙය උසින් මීටර් හතළිහක් පමණ වන අතර මෙය මා සංචාරයේ යෙදුණු මොහොතේ වැහැරී ගිය සිරුරක් ඇති ලඳකගේ ස්වරූපයක් ගෙන තිබුණේ දින කිහිපයක් නොලැබීමේ හේතුවෙනි. රාවණා දිය කොමලිය නැරඹීමට සංචාරකයන්ට කිසිදු දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු නොවන අතර එහි අනිටු ප්‍රතිවිපාක එහි සංචාරය කිරීමෙන් දැකගත හැකි  විය.  දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම ස්ථානයේ දිය නෑමට සංචාරකයන් යොමුවන අතර සංචාරකයන්ගේ  නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 15 ඉක්මවන බව ප්‍රදේශ ප්‍රදේශවාසීන් විසින් සඳහන් කරන ලදී. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට දිනාගත් මෙම සංචාරක ස්ථානය රැක ගැනීම අප සියලු දෙනාගේ යුතුකමක් වන අතර පරිසරය දූෂණය කිරීමෙන් එහි ඇති ස්වභාවික සුන්දරත්වය කෙලෙසීම කිසිවකු විසින් සිදු නොකළ යුතුය. සංචාරය කරන්න පියසටහන් පමණක් තබා යන්න. 

7 comments:

ආරුගම් බොක්ක ගෝලීය සුළං සැරිසැරීමේ ගමනාන්තයක් ලෙස සංවර්ධනය කෙරේ

 ආරුගම් බොක්ක ලෝක ව්‍යාප්ත සුළං රළ ගමනාන්තයක් බවට පත් කිරීමේ වැඩසටහනක් රජය විසින් දියත් කර ඇත. "ආරුගම් බොක්ක සංචාරක සහ සුළං රළ පහර ගමනා...