Tuesday, May 30, 2023

නාරංගල කඳුවැටිය

 


                              බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සංචාරකක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස නරංගල කඳු වැටිය හඳුන්වා දිය හැකි අතර එහි මුදුනේ සිට මනස්කාන්ත දසුන් නැරඹිය හැකිය. නාරංගල කඳු මුදුන යනු නෙත් වශීකරන සහ සිත් පැහැරගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දකි. මන්ද, කඳුමුදුනේ තෘණ හා මාන  පිහිටීමේ අපූර්වත්වයයි. නාරංගලට පිවිසීමේදී ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණීමට සිදු වන අතර කුඹල්වෙල හන්දියේ සිට හාලිඇළ දක්වා පැමිණ කන්දේ ගෙදරට යන මාර්ගය ඔස්සේ දුෂ්කර මාර්ගයක් දිගේ පැමිණ කීනකැලේ වෙත පැමිණිය යුතු අතර කීනකැලේ කුඩා ගම්මානයක් වන අතර තේ වතු ආශ්‍රිතව දිවි ගෙවන අහිංසක කම්කරුවන් ජීවත් වේ. කීනකැලේ ගම්මානයේ සිට ඉතා දුෂ්කර ගමනක් පවතින් අතර කුඩා අඩි පාරක් ඔස්සේ ගමන් කළ යුතුය එම මඟ දිගේ ඉදිරියට යන විට නාරංගල කඳුවැටිය දිස්වන අතර කඳු වැටිය දෙස නෙත් යොමාගෙන ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතු අතර මෙම ගම්නේදී ප්‍රමාණවත් පරිදි ජලය ගෙන යාමට කිසිසේත් අමතක නොකළ යුතුය. මෙලෙස ලඳු කැලෑ පසු කරමින් ඉදිරියට ඇදෙන විට  තෙත් කලාපයේ බහුලව දක්නට ලැබෙන කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. නිරන්තරව කාලගුණය වෙනස් වෙන අයුරු මෙම ගමනේදී විඳගැනීමට අවස්ථාව උදාවේ.  මෙලෙස තවත් මීටර කිහිපයක් ගිය පසු දළ නැග්මක් හමුවන අතර ඉන් අනතුරුව නාරංගල කන්දේ එක් කෙළවරක ඉහලට ළඟාවිය හැකිය. සුන්දර ක්‍රීඩාපිටියක් ලෙස ඉතාමත් දිගින් හා පුළුල් කඳුවැටියක් දක්නට ලැබෙන අතර අවට පරිසරයේ සුන්දරත්වය නැරඹීමට හැකිවේ. මෙතැන් සිට සම්පූර්ණ අඩි අඩිපාරම ඇත්තේ ගුවනට  විවෘත අවකාශය තුළ මාන පඳුරු අතරිනි . මෙලෙස දුෂ්කර ගමනකින් අනතුරුව  නාරංංගල කඳු මුදුනට ළඟා විය හැකිය. 
                             මුහුදු මට්ටමේ සිට මීටර් 1527ක් පමණ ඉහළින් පිහිටි නාරංගල කඳු මුදුනට පිවිසි විට නකල්ස්, නමුණුකුල, පිදුරුතලාගල, ඇල්ල, මොනරාගල දක්ක්වා ප්‍රදේශ දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම කඳුවැටිය මත කූඩාරම් ඇට වීමට ඉඩ පවතින අතර අප මානා පඳුරු සහිත ස්ථානයක කූඩාරම්  රැඳෙව්වෙමු. මෙහි සංචාරය කිරීමේදී රාත්‍රී කාලයේ ගිනිමැල නිර්මාණය කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු අතර අධික සුළං දහරා හේතුවෙන් පරිසරයට ගින්දර ව්‍යාප්ත වීමේ වැඩි   ඉඩක්  පවතී. මෙහි සුන්දරත්වයත්වය නැරඹීමට අලුයම අවදි වී පරිසරය නැරඹිය යුතු අතර බදුල්ල, මොනරාගල, බිබිල, සිට දකුණු හා නැගෙනහිර පළාත් දක්වා වලාකුළින් බරවී තිබෙන අයුරු දැකගත හැකි අතර නාරංගල මුදුනේ අප සිටි කඳු ගැටය හැර අනෙක් සියලුම ප්‍රදේශ ඝන වලාකුළු වලින් වැසී තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. එය ඉතාමත් සුන්දර දසුනක් වූ අතර අප සිටි කදු ගැටය හා අනෙක් පසින් යුත් කදු වැටිය අතර කපොල්ල දැඩි මීදුමකින් වෙලී තිබුණි. මෙය ඉතා මනස්කාන්ත දසුනක් විය. මෙලෙස පරිසරය සුන්දරත්වයත්වය නරඹා කෙමෙන් කෙමෙන් හිරු නැග එන විට අප සියලු දෙනා කඳුවැටිය බැසීමට තීරණය කළෙමු.

26 comments:

  1. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. ❤️❤️❤️

    ReplyDelete
  3. ❤️❤️❤️❤️

    ReplyDelete
  4. ❤️❤️❤️

    ReplyDelete

ආරුගම් බොක්ක ගෝලීය සුළං සැරිසැරීමේ ගමනාන්තයක් ලෙස සංවර්ධනය කෙරේ

 ආරුගම් බොක්ක ලෝක ව්‍යාප්ත සුළං රළ ගමනාන්තයක් බවට පත් කිරීමේ වැඩසටහනක් රජය විසින් දියත් කර ඇත. "ආරුගම් බොක්ක සංචාරක සහ සුළං රළ පහර ගමනා...